www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අයි.එස්.අයි.එල් ත්‍රස්තයන් ලංකාවෙත් ඉන්නවා එක්සත් ජාතීන් තහවුරු කරයි


2021-02-09 09:39:32 -  312 යි

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (Islamic State in Iraq and Levant - ISIL) ශ්‍රී ලංකාවේ අනුගාමිකයන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් තහවුරු කර තිබේ. එක්සත් ජාතීන්ගේ මෙම වාර්තාව උපුටා දක්වමින් ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් (Press Trust of India - PTI) වාර්තා කර ඇති ආකාරයට මෙම සබඳතා ඇෆ්ගනිස්තානයට හා පාකිස්තානයට ඍජුව සම්බන්ධවී ඇති අතර ISIL සංවිධානය ඉන්දීය දේශසීමා ප්‍රහාර සියයකට වැඩි ගණනකටද දායක වී තිබේ.

ප්‍රෙස් ට්‍රස්ට් විසින් මෙලෙස අනාවරණය කර ඇත්තේ ‘එක්සත් ජාතීන්ගේ විශ්ලේෂණ හා සම්බාධක අධීකෂණ කණ්ඩායමේ’ 27 වැනි වාර්තාවයි. ISIL සතුව ‘වොයිස් ඔෆ් හින්ඩ්’ (vois of Hind) නම් ප්‍රකාශන ආයතනයක් පවතින අතර මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ අනුගාමිකයන් රැසක් ඒ හා සම්බන්ධ වී සිටින බව එහි පෙන්වා දී ඇත.

දකුණු ආසියාවේ ISIL ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කලාපයේ රටවලින් තොරතුරු රැස්කිරීම සහ ඒවා අධ්‍යයනය කිරීම එක්සත් ජාතීන්ගේ මෙම විශ්ලේෂණ කණ්ඩායම විසින් සිදුකරයි. 2020 ජුනි මාසයේදී මෙම සංවිධානයේ නායකත්වයට සනාඋල්ලා (Sanaullah) ලෙසද හැඳින්වෙන ෂහාබ් අල් - මුහජිර් (Shahab al Muhajir) පත්කර ඇති අතර එතැන් සිට එම සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර සහ ‘සංකීර්ණ ප්‍රහාර’ කෙරෙහි වැඩි අවධානයක් දක්වා ඇතැයිද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com