ඉන්දියාවේදී අත්අඩංගුවට පත් කිඹුලාඇල ගුණා, කෙනඩි නොහොත් බුම්මා ඇතුළු පාතාල කල්ලි නායකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ බරපතළ ගනයේ අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනයට ලක්වීම මේ සඳහා හේතු වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය මත කිඹුලාඇල ගුණා ඇතුළු කණ්ඩායම පමණක් නොව වෙනත් රටවල අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයන්ද යළි ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇති බවද පැවසේ.