www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නඩු ඉවත් කරන්න... යහපාලන කාලේ හිරේ යෑවූ රණවිරුවන් නිදහස්‌ කරන්න.... දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කරයි


2021-02-06 12:24:30 -  269 යි

පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කරනු ලැබූ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලූ නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබේ.
 
 අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක, කර්නල්වරුන් වන ශම්මි කුමාරරත්න, ප‍්‍රබෝදය සිරිවර්ධන, එරන්ත පීරිස්, සීවලී බුලත්වත්ත, කපිතාන් සුමිත් රණසිංහ, කමාණ්ඩර්වරුන් වන අනිල් මාපා, දයානන්ද, ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු රණවිරුවන් 25 දෙනකුට පමණ එරෙහිව පවරා ඇති නඩු මෙසේ ඉවත් කරන ලෙස නිර්දේශ කර ඇත. ඔවුන් කරන ලද පැමිණිලි අනුව ජනාධිපති කොමිසම මගින් සිදු කරන ලද දීර්ඝ සාක්‍ෂි විමසීමකින් අනතුරුව කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කළේය.
 
 එහිදී විභාගයට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතාට සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් යන මහත්වරුන්ට එරෙහිව මේ වන විට ති‍්‍රපුද්ල මහාධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබ`ද කොමිෂන් සභාවේදී හෙළිවූ කරුණු මත නීතිපතිවරයා විසින් තීරණයක් ගතයුතු බව ද අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com