හමුදාවට අවශ්‍ය ඉඩම් දෙන්නැයි ප්‍රා. සභාවෙන් කළ ඉල්ලීමට මන්ත්‍රී ශ්‍රීධරන්ගේ දැඩි විරෝධය
|

2021-02-03 08:50:27
- 144
යි
කිළිනොච්චියේ සිටින හමුදා බල ඇණිවලට අවශ්‍ය ඉඩම් ලබාදීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් වූ යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා විසින් පෙරේදා (01 දා) ප්‍රතික්ෂේප කොට තිබේ.
කිළිනොච්චියේ සිටින යුද හමුදා බලඇණිවලට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා ඉඩම් ඉල්ලීමක් යුද හමුදාව විසින් කරච්චි ප්‍රාදේශීය සභාවට යොමුකොට තිබූ අතර ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුව මන්ත්‍රීවරයා ඊට දැඩි විරෝධය පළකොට තිබේ.
කිළිනොච්චිය පුස්තකාලය අසල පිහිටි ඉඩමක් යුද හමුදාව විසින් කාලයක් භාවිත කොට ආපසු එය භාර දී ඇති අතර කිළිනොච්චියෙන් යුද හමුදාව විසින් ඉල්ලා සිටින ලද ඉඩම් අතර එම ඉඩමද වෙයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|