අද (01) අලුයම මියන්මාරයේ සිදු වී ඇති හමුදා කුමන්ත්‍රණය හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් එජාපය පවසා ඇත්තේ මියන්මාර හමුදාවේ මෙම ක්‍රියාමාර්ග රටේ ප්‍රගතියට තර්ජනයක් වී ඇති බවයි.
පසුගිය නොවැම්බරයේදී පැවති මැතිවරණයෙන් තේරී පත් වූ NLD නියෝජිතයන් අත්අඩංගුවට ගැනීමට ගත් තීරණය වහාම ආපසු හරවන ලෙසත්, එරට හමුදාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් කියා සිටියි.
එජාපය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :
අද උදෑසන මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂය හෙළා දකී.
2011 දී මියන්මාරයේ හි ආරම්භ වු ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හි ප්‍රතිඵලය 2015 දී ඔවුන්ගේ පළමු පශ්චාත් මිලිටරි මැතිවරණය පැවැත්වීමයි. 2020 නොවැම්බරයේ මහ මැතිවරණය මෙම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියේ දෙවන අදියර විය. හමුදාවේ මෙම ක්‍රියාමාර්ග රටේ ප්‍රගතියට තර්ජනයක් වී තිබේ.
පසුගිය වසරේ මියන්මාරයේ පැවති මහ මැතිවරණයෙන් ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) සඳහා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණි.
මියන්මාරයේ තේරී පත් වූ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් බලයට පත්වීම රටේ ප්රජාතන්ත්රීයකරණයේ තවත් ඉදිරි පියවරක් වනු ඇත.
NLDහි තේරී පත් වූ නියොජිතයන් අත්අඩංගුවට ගැනීමට ගත් තීරණය වහාම ආපසු හරවන ලෙස අප මියන්මාරයේ හමුදාවෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම පාර්ලිමේන්තුවට රැස්වීමට අවසර දිය යුතු අතර, ජනාධිපති, අගමැති සහ මියන්මාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවත රාජකාරි භාර ගැනීමට ඉඩ දිය යුතුය.
මධ්‍යම මාධ්‍ය ඒකකය එක්සත් ජාතික පක්ෂය 01.02.2021