www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රූමත් බිරිඳ සමග ‘හාදකම්’ පෑ 20 වියැති සිසුවාට එළව එළවා පිහියෙන් කෙටූ ඉංජිනේරුවා


2021-01-28 10:01:16 -  357 යි

තමා නිවසේ නැති අවස්ථාවලදී තම රූමත් ළාබාල විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ 20 හැවිරිදි සිසුවකු බව කියන අයකුට එළව එළවා පිහි පහරවල් එල්ල කළ බව කියන සංනිවේදන කටයුතු පිළිබඳ ඉංජිනේරුවරයකු බව කියන සැකකරුවකු රුපියල් පන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. පී. එම්. චම්පික රාජපක්‍ෂ මහතා 26දා නියෝග කළේය.
 

කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ 49 හැවිරිදි ඉංජිනේරුවරයා වෙන්නප්පුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායක සන්නිවේදන සහ සංගීත කටයුතු භාර ඉංජිනේරුවරයෙකි. ඔහු කටානේ සිට වෙන්නප්පුවේ සේවයට ගොස් නිවසට පැමිණෙන්නේ සඳුදා අලූයම් කාලයේදීය. මොහු මෙම සිද්ධිය වූ දින රාති‍්‍ර 10.00 ට පමණ නිවසට පැමිණ ඇත. නිවස තුළින් නැෙඟන කසු කුසුව පිළිබඳව සැකකර නිවසේ දොර අරින ලෙසට තම බිරියට දැනුම්දී ඇත.
 
 එම අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් තරුණයකු පැනයනු දැක ඔහු පසුපස ඉංජිනේරුවරයා හඹාගොස් ඇත. එහිදී මෙම පිහි ඇනුම සිදු වී ඇති බව පැමිණිල්ලෙන් පැවසෙයි.
 
 සැකකාර ඉංජිනේරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා එම සිද්ධියේ සත්‍ය බව කියන තොරතුරු අධිකරණය හමුවේ පැවැසීය.
 
 ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.
 
 කටාන පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මාර්තු මස 2 වැනිදා පැවැත්වෙයි.

මීගමුව- විමල් කීර්ති

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com