අනුමැතිය ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලද සැනින් එන්නත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් වන මූලික පෙරහුරු ද මේවනවිටත් සාර්ථකව පවත්වා අවසන්. ඒ අනුව මෙරටට ලැබීමට අපේක්ෂිත එන්නත් තොගයේ පළමු කොටස ලැබීමත් සමග කොරෝනා මර්ධනයට දායකත්වය දක්වන මුල් පෙළ සාමාජිකයින්ට එම එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙලෙස ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. එම එන්නත මෙරට භාවිතය සඳහා ඉකුත් දා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් මෙරටට රැගෙන ඒමටයි නියමිතව ඇත්තේ.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දීය ප්‍රදානයක් ලෙසයි. ඒ අනුව එන්නත් ලැබීමෙන් පසු ඒවා ජනතාවට ලබාදීමට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.