www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තුන් හැවිරිදි දැරියට ලිංගික අතවර කළ බාලවයස්කාර ඥාති සහෝදරයා අත්අඩංගුවට


2021-01-25 09:55:08 -  259 යි

අවුරුදු 03ක් වයසැති දැරියකට ලිංගික අතවර කළේ යැයි  චෝදනා සම්බන්ධයෙන් අවුරුදු 14ක් වයසැති එම දැරියගේ ඥාති සහෝදරයෙකුව මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සැකකාර බාලවයස්කරුවා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 මව සහ පියා රැකියාව සදහා නිවසින් පිටව ගොස් සිටියදී මිත්තණිය භාරයේ සිට ඇති බාල වයස්කාර දැරියව සෙල්ලම් කිරීමට යැයි පවසා සැකකාර බාලවයස්කරුවා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා.

එහිදී බාලවයස්කරුවා විසින් දැරියට ලිංගික අතවරය සිදුකර ඇති බවටයි පොලිසිය පවසන්නේ.

දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් බාලවයස්කාර ඥාති සහෝදරයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com