හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කළ දැඩි මර්දනකාරී සංක්‍රමණික ප්‍රතිපත්තිය වෙනුවට නව නීත්‍යානුකූල ප්‍රවේශයක් ලබාදීමට ජනපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා දී තිබෙනවා.
ඒ, මෙක්සිකෝ ජනාධිපති මනුවෙල් ලෝපෙස් සමඟ දුරකතන සංවාදයක නිරත වෙමින්.
මධ්‍යම අමෙරිකාවේ සිට පැමිණෙන සංක්‍රමණිකයින් අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වන්නේ මෙක්සිකෝව හරහා බැවින් එම දේශසීමාවේ දැවැන්ත පවුරක් ඉදිකිරීමටද ජනපති ට්‍රම්ප් උත්සාහයක නිරත වුණා.
එහෙත් නීත්‍යානුකූල නොවන සංක්‍රමණය අවම කරන අතර, නීත්‍යානුකූලව ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට මෙක්සිකෝ ජනාධිපතිවරයා සහ ජනපති බයිඩ්න් එකඟ වූ බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.
මේ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ නීත්‍යානුකූල නොවන ලෙස ජීවත් වන මිලියන 11ක් පමණ වූ සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමටද බයිඩ්න් පරිපාලනය සැරසෙන බව සඳහන්.