හෙට සිට බස්නාහිර පලාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කෙරෙනවා.
දිවයිනේ සෙසු පළාත්වල යම් යම් සීමා කිරීම්වලට යටත්ව පාසල් විවෘත වුව ද කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකෙරෙන අතර, සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගෙන පමණක් එම පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.
ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුල පාසල් 1576ක් අතරින් පාසල් 907ක් හෙට සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත වනවා.
මේ අතර, සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ.
කොරෝනා වසංගතයේ දෙවන රැල්ලත් සමඟ තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ.
ඒ අනුව දුම්රිය ගමන් වාර 390ක් පමණ හෙට සිට ධාවනයේ යෙදෙනු ඇති.
මෙලෙස මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු අංශවල සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සම්බන්ධයෙන් දැඩි විමසිල්ලක් දක්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
එහිදී සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
එමෙන්ම, පොදු ප්‍රවාහනයේදී අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින් සොයා විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතයි.
එලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන මගී ප්‍රවාහනයේ යෙදෙන්නන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.