මුලතිව් පුදුමාතලන් පන්දික්කරායි වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50යි ග්රෑම් 400ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී වෙරළ තීරයේ සගවා තිබියදී කේරළ ගංජා තොගය සොයාගත් අතර සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
වැඩිදුර විමර්ශන සඳහා කේරළ ගංජා තොගය මුලතිව් පොලිසියට භාරදී තිබෙනවා.