ගාල්ල - මීටියාගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුට පිස්තෝල වර්ගයේ ගිනි අවිය ලබාදුන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පොලිස් කොස්තාපල්වරයා ආගරපතන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාලයේදී මෙම ගිනි අවිය ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙලිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
ඔහු කියා සිටියේ එම සිද්ධියට සම්බන්ධ උපකාරක පන්ති ගුරුවරයෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බවයි