www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පිටකොටුවේ බස් කප්පම් තවමත්


2021-01-23 11:11:24 -  169 යි

පිටකොටුව, ගුණසිංහපුර ඇතුළු දිවයිනේ සෑම බස්රථ නැවතුම්පළකින්ම පෞද්ගලික බස්රථවලින් දිනපතාම කප්පම් මුදල් ගන්න එක නතරවෙලා නැහැ. ඒකට පළාත් මගී ප‍්‍රවාහන අධිකාරි සියල්ලක්ම වගකියන්න ඕනෑ....’’ යැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.
 
 පිටකොටුව, ගුණසිංහපුර බස්රථ නැවතුම්පළේදී පෞද්ගලික බස්රථයක් දිනකට රුපියල් තුන්සියයක කප්පමක් ලබාදිය යුතුව ඇතැයි ද හෙතෙම කීවේය.
 
 කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්ත අසරණ වී සිටින බස්රථ  සේවකයන්ගෙන් මෙලෙස කප්පම් ගැනීම ඉතා අසාධාරණ බව ද හෙතෙම කියා සිටියේය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේ ද කීවේය.
 
 ‘‘ගුණසිංහපුර බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කරන බස් රථයකින් රුපියල් තුන්සියයක මුදලක් කප්පම් වශයෙන් ගන්නවා. කොරෝනා වසංගතය හේතුවෙන් බස් කර්මාන්තය කඩා වැටිලා තිබෙන වෙලාවක මේ කප්පම් ගැනීම් දිගින් දිගටම සිදුවෙනවා. මේ කප්පම් ගන්නේ වේලා සටහන්කරුවන්. ඒ වගේම දුරගමන් සේවා ‘රනර්ලා.’ මේ
 
 දෙගොල්ලන්ගෙන්ම වන පීඩනය නිසා සමහර බස් රථ සේවකයන් සිය රැුකියාව පවා අත්හැර දමා ගිහින්. බස්රථවල ගමන් කරන මගී ජනතාවත් අඩුවෙලා තිබෙන මොහොතක මේ කප්පම්කරුවොත් කප්පම් ගන්නකොට කොහොමද අපේ සේවකයන් ජීවත් වෙන්නේ. පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවලට මේ කප්පම් ගැනීම ගැන කිව්වාට වැඩක් නැහැ. ඒ අය මේවා ගණන් ගන්නේ නැහැ.
 
 ‘‘මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ඉහළ පොලිස් බලධාරීන්ට පැමිණිලි කරනවා. මේ කප්පම් ගැනීම සෑහෙන කාලයක ඉඳලා තියෙන දෙයක්. අඩුම තරමින් මේක විසඳන්න ජනාධිපතිතුමනි, ඔබතුමාවත් මැදිහත් වෙන්න.’

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com