www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුව ආවරණයක් නැතිව සෙල්ෆි ගහපු ජනපතිට රු. ලක්ෂ හයක දඩයක්


2020-12-21 09:12:08 -  543 යි

කොරෝනා වයිරසයට අදාළව පැනවූ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චිලී ජනාධිපති සෙබස්තියන් පිසෙරාට ඇමරිකානු ඩොලර් 3500 ක (දළ වශයෙන්) දඩයක් නියම කර තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් හයලක්ෂ හතළිස් අටදහසකි. මුහුණු ආවරණයක් පැලඳ නොසිටීම සම්බන්ධයෙන් මෙම දඩය නියම වී ඇත.

මුහුණු ආවරණයක් නොමැතිව ප්‍රසිද්ධ ස්ථානයක කාන්තාවක් සමග පෙනී සිටි සෙල්ෆි ඡායාරූපයක් මෙම මස මුලදී (දෙසැම්බර්) ජනමාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමෙන් අනතුරුව මෙලෙස ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී තිබේ. එම ඡායාරූපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාවද අයැදීමට කටයුතු කළේය.

කචගුවා නගරයේ පිහිටි ඔහුගේ නිවස අසල වෙරළ තීරයේදී කාන්තාවක තමන් සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලා සිට ඇත. ඒ අනුව තමන් අදාළ ඡායාරූපයට පෙනී සිටි නමුත් තමා එහිදී මුහුණ ආවරණයක් පැලඳ සිටිය යුතුව තිබුණු බව ජනාධිපතිවරයා සමාව අයදිමින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රසිද්ධ ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් චිලී රාජ්‍යයේ දැඩි නීති ක්‍රියාත්මක වේ. ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතුරින් චිලී රාජ්‍යය ඉදිරියෙන්ම සිටී. තවදුරටත් එහි රෝගීන් ඉහළ යමින් තිබේ. එක්සත් ජනපදයේ ජෝන් හෙප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වනවිට චිලියෙන් කොවිඩ් - 19 ආසාදිතයන් 581,135 ක් වාර්තා වී ඇත. මරණ 16,051 ක් වාර්තා වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com