www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා දැලේ


2020-12-15 14:12:22 -  779 යි

වසර දෙකක් තිස්සේ අවුරුදු 15 ක් වයසැති බාල වයස්කාර දැරියක බියගන්වා දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පෙරේදා (12 දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් සමත්වී තිබේ.

අතවරයට පත් දැරියගේ පියා මීට අවුරුදු 7 කට ප‍්‍රථම මියගොස් ඇති අතර මව සැකකාර තැනැත්තා සමගින් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

මව විසින් දැරිය අනියම් පුරුෂයාට රැුකබලා ගැනීමට භාරදී මැදපෙරදිග රැකියාවකට ගොස් ඇති අතර වඩු කර්මාන්තයේ නියැලී සිටින සැකකරු 2019 වර්ෂයේ සිට 2020 දෙසැම්බර් 05 දා දක්වා වරින් වර දැරිය බරපතළ ලෙස අතවරයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පරීක්‍ෂණ පවත්වන නිලධාරිනියක් පැවැසුවාය.

දැරිය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මහෙස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රේණුකා හේමමාලි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com