www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරේ මහවිරු සැමරුම් අධිකරණයෙන් තහනම් - නිවෙස්වල සිට පහන් දල්වන්නැයි දෙමළ පක්ෂවලින් ඉල්ලීමක්


2020-11-28 09:07:27 -  179 යි

උතුරු ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ මහ විරුදින සැමරුම් උත්සව තහනම් කරමින් යාපනය සහ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ මගින් නියෝග නිකුත් කර තිබේ. මෙම මස 29 වැනිදාතෙක් බලපැවැත්වෙන පරිදි එම නියෝග පනවා තිබේ.

උතුරේ මහ විරුදින සැමරුම් උත්සව නැවැත්වීම සඳහා එම ප්‍රදේශවල මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ කරුණු දැක්වීමට කටයුතු කරන ලෙසට නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට ඉකුත්දා උපදෙස් දී තිබුණි.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගුවන් මගින් උතුරු ප්‍රදේශයට ගොස් යාපනය සහ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණවල කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ තහනම් නියෝග නිකුත් කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

මේ අතර උතුරු පළාතේ සෑම නිවසකම අද (27 වැනිදා) පස්වරු 6.05ට පහන් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරන ලෙසට දෙමළ පක්ෂ නියෝජිතයන් ඒකාබද්ධ නිවේදනයක් මගින් උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පැවසූහ.

පිරිස් ඒකරාශි කරගෙන මහවිරු සැමරුම් වැඩසටහන් නොපවත්වන ලෙස අධිකරණ මගින් තහනම් කර ඇති බැවින් දෙමළ පක්ෂ එක්ව උතුරේ ජනතාවගෙන් එම ඉල්ලීම් කර ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, දෙමළ ජාතික පක්ෂ නායක එස්.ශ්‍රීකාන්ත මහතා හා එම පක්ෂයේ ලේකම් එම්.කේ.ශිවාජිලිංගම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන් මහතා, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි.කේ.ශිවඥානම් සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක්ව පෙරේදා (25 වැනිදා) සවස යාපනය ප්‍රදේශයේ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව අදාළ ඉල්ලීම සිදුකොට ඇතැයි ආරක්ෂක අංශ පැවසූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com