www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කටුනායක බෝඩිමක අහඹු පරීක්‍ෂාවකින් 21කට කොරෝනා


2020-11-24 09:49:10 -  234 යි

කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිදුකළ අහඹු පරීක්ෂණයකින් මෙම ආසාදිතයන් හමුවූ බවයි.

මෙම සේවිකාවන් පිරිස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය බව ද ඔහු කියා සිටියේය.

මෙම නේවාසිකාගාරයේ කාන්තාවන් 59 දෙනෙකුට වැසිකිළි දෙකක් පමණක් බවත් එම නේවාසිකාගාරය අවම පහසුකමක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com