www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය සලකා බලන්න රජය සූදානම්..


2020-11-05 04:39:35 -  295 යි

කොරෝනා වැළඳීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සදහා අවසන් කටයුතු කරන ආකාරය මේ වන විට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com