www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් ගාමන්ට් කොරෝනා.. ආසාදනය වූ ආකාරය නොදනී.. සේවකයන් 6000ක් සමගින් වසා දමයි..


2020-11-01 07:26:32 -  343 යි

හොරණ පිහිටා ඇති Bodyline ඇඳුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව හොරණ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඇය ආසාදිත බව හෙලි වී ඇත්තේ එහි 20 දෙනෙකුට සිදු කරන බව අහඹු පරීක්ෂාවකදී ය.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 6000ක පමණ පිරිසක් සේවය කරන අතර ආසාදිත කාන්තාව හදුනා ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

ඇය සමීපව ආශ්‍රය කළ සේවක සේවිකාවන් 170ක ගේ පමණ කොරෝනා පරීක්‍ෂා සිදුකර ඇති අතර එවායේ වාර්තා සදුදා ලැබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කරයි.

එම සේවිකාවට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිලි නැති බවත් ඇය මිනුවන්ගොඩ පොකුරට හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

ඇයට වෛරදය ආසාදනය වූ ආකාරය ගැටළුවක් බවත් ඒ පිලිබදව තව දුරටත් සොයමින් සිටින බවත් ඔහු පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com