www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගමටම වදයක් වූ බේබද්දා සුවසැරියෙන් කනත්තට


2020-10-06 08:12:25 -  637 යි

1990 සුව සැරියෙන් ගොස් රෑ ජාමේ සොහොන් පිටියක නිදාගත් අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

මැදිවියේ අයකු වන ඔහු එදිනෙදා කුලී වැඩක් කර උපයා ගන්නා මුදල ගෙදර අඹුදරුවන්ට කෑමට නොදී මිතුරන් සමග දිනපතාම කරටි කැඩෙන තරමට මත්වතුර බොන අයෙකි. කට ගොන්නක් බී ගන්නා මොහු අහළ පහළ අය බයිට් එකට ගෙන බැන වැදීම සිරිතකි. රෑ දෙගොඩහරියේ ගෙට ​ගොඩවන මොහු අඹුදරුවන්ට මහත් හිසරදයක් වී තිබිණි. බිරිඳ හා දරුවන්ට නොකළ වැරැද්දක් පටලවා පහරදීම ද මොහුගේ සිරිතකි. බීමත් පියා ගෙදරට එන විට දරුවන්ගේ ඇඟේ ලේ වතුරවීම වනුයේ ඒ හිරිහැර කරදර නිසාවෙනි.

ඇතැම් දිනවලදී හේ මත් වතුර බී මහ මඟ නිදාගත් අවස්ථාද වේ. එවැනි ඇතම් දිනවලදී මිතුරන් ඔහු ගෙදරට ඇරලවයි. මොහු බයිට් එකට ගන්නා අයද සිටිති. දිනක් වෙරි වී මඟ වැටී සිටියදී මිතුරන් 1990 සුවසැරිය ගිලන් රථයට දුරකථනයෙන් කතා කොට ඔහු රෝහල වෙත යවන ලදී. රෝහලේ සිට පසුවදා ගෙදර එන්නට මඟ වියදමවත් නැතුව සිටි මොහු ලෙඩෙක් බලන්නට ආ දන්නා හඳුනන අයකුගෙන් බස් වියදම ඉල්ලාගෙන නිවසට ආවේ කිසිවක් සිදු නොවූ නියාය.

ඉන් දින කීපයකට පසු නැවතත් වෙරි මතින් මහ මඟ වැටී සිටියදී සුවසැරියට කතා කොට ඔහු රෝහලට යැවුවේද එම මිතුරන්ය. මෙවැනි සේවාවක් අව භාවිත කිරීම ගැන සුවසැරියේ සේවක පිරිස ද මොහුගේ මිතුරන්ට දොස් පවරා තිබිණි. ඒ කිසිවක් ගණන් නොගත් මිතුරෝ ඊට පසුදාත් සසුවසැරියට කතා කොට මොහු රැ​ෙගන යන ලෙස දන්වා සිටියහ. ඊට කිසිම විරෝධතාවක් නොදැක්වූ සුවසැරියේ රියැදුරු හා සහායක මූට හොඳ වැඩක් කරන්නම් යැයි සිතා මොහු ගිලන් රථයේ නංවාගෙන ගොස් පාර අයිනේ තිබූ සොහොන් පිටියක දමා ආපසු පැමිණියහ. අප කතානායකයා මහ රෑ අවදි වූයේ හීන් වැහි පොදක් මුහුණට වැටුණු නිසාවෙනි. වට පිට බලනවිට තමා සිටිනුයේ සොහොන් පිටියක බව වටහා ගතතේය. දඩි බිඩි ගා නැගිට ගත් මොහු කිලෝමීටර් තුන හතරක් දුර නිවෙසට දිවගියේ හතිමුණින් දාගෙනය.

එම සිද්ධියෙන් හොඳටම බියපත්වූ මොහු දැන් මත් වතුර පානය කිරීම සීමා කොට සවස් වෙද්දී ගෙදරට ඒමට පුරුදුව සිටියි. මෙම සිදුවීම දැනගත් බිරිය මුව නොසෑහෙන සේ සුව සැරියෙ සේවක පිරිසට ස්තුතිය පුදකළේ පින් දෙමිනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com