www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිකන් ප්‍රෙද්ශයේදී බිම්බෝම්බයෙන් අතක් අහිමි වූ පොලිස් විරුවාට අතක් ලබාගැනීමට උපකාර කරමු.


2020-10-02 14:04:03 -  368 යි

අප මව්බිම තිස් වසරක වෙලාගත් කුරිරැ රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් ජීවිත පරදුවට තබා සිය රාජකාරී ඉටු කිරීම හේතුවෙන් අපි ජීවත්වෙන මෙම පින්බිම බේරා ගැනීමට හැකි විය.

මෙම යුද සටන්වල දී අපට අහිමි වූ තරුණ සොල්දාදුවන් සංඛ්‍යාව ඉතාම ඉහල අගයක් ගෙන තිබුණි. මෙසේ ජීවිත අහිමි කරගත් පිරිසට සමාන පිරිසක් මේ කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් ආබාධ වී තිබේ. එම ආබාධ පිරිස අතරින් ඇතැම් නිලධාරීන් එම ආබාධ තත්ත්වය පිට සිය රාජකාරිය දේවකාරියක් ලෙස ඉටුකර ඉටු කරමින් සිය සක්‍රීය සේවයේ යෙදී සිටින අයුරු අපට සඳහන් කල හැක.

එමෙන්ම එම නිලධාරීන් පිළිබඳව අද වන විට කිසිවකු අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම නිලධාරීන් අන්ත අසරණ තත්වයකට පත් වී තිබෙන බව අපට සඳහන් කල යුතුය.

එවැනි අසරණ තත්ත්වයක සිටින යුද වීරයෙක් ගැන අපට අප රට හමුවේ තැබීමට සිදු විය. එයට හේතුව මෙම මෙම විරුවන් මේ වන විට අන්ත අසරණ තත්ත්වයකට පත්වීම පත් වීම එයට හේතුවයි. අප කණ්ඩායම පසුගිය දිනයක අනුරාධපුර ප්‍රදේශයේ පය තැබුවෙ  සිය මාධ්‍ය  රාජකාරිය කටයුක්තක් ආවරනය කිරිම සදහාය එම කටයුක්තට  යනඅතරතුර අප අනුරාධපුර පොලිස් මූලස්ථානයට ගොඩ විය මෙහිදී අපට සිවිල් ඇඳුමින් සිටි නිලධාරියෙකු අපගේ නෙත ගැටුණේ ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙනි අප මෙම නිලධාරියා පිළිබඳව තොරතුරු විමසිමට හෙතුව  ඹහුගේ වමි අත මැණික්කටුව අසලින් අහිමි තිබිනි .අප මෙම ආබාධ ත්තවයට හෙතුව මෙම නිළධාරියාගේන් විමසුවිට ඹහුසදහන් කලේ අපට යුධ සමයද මතක් කරමින්ය ඹහු නමින් එල්එචි එමි සෙනවිරත්න හෙරක් වන අතර සේවා අංකය 48083 වන පොලිස් සැරයන් වරයකු බව සදහන් කලා.

මෙම පොලිස් සැරයන් වරයා  2000.9.8.දින හිමිදිරි පාන්දර රුදුරු ත්‍රස්ත වාදින් විසින් වැලිකන්ද මුතුගලපොලිස් මුරපොළේ අටවනලද පුද්ගල නාශක බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් මෙම ආබාධ තත්ත්වය ඇති වූ බව සඳහන් කළා .

මෙම නිලධාරියා සඳහා කෘතිම අතක් සකසා ගැනීම සඳහා මුලින්ම පොලිස් සුභසාධක සංගමය සුබසාධක සංගමය මගින් සම්පූර්ණ මුදල ගෙවා අතක් ලබාදුන් අතර ඉන් අනතුරුව මෙම අත සඳහා සම්පූර්ණ මුදලින් තුනෙන් දෙකක් ගෙවා ඇති බව සදහන් කළා කළා විනා අත දැන් මේ වන විට අලුත් වැඩියා කර කිරීමට නොහැකි තත්වයකට පත්වීබතිබෙන බව මෙම නිලධාරියා සඳහන් කළා.

මේ පිළිබඳව පොලිස් සුභසාධක සංගමය දැනුවත් කළ අතර මේ වන විට කිසිදු පිළිතුරක් ලැබී නැති බවයි ඒ මහතා සඳහන් කළේ  ඉන්අනතරුව නැවත කෘත්‍රිම අතක් ලබා ගැනිම සදහා  සමාජ සේවා  ආයතනය හාරා ඉල්ලිමක් කලද එයද අසර්ථක වි තිබෙන්නෙ තමන් රාජකාරියෙ සිටින බව දන්වා එයද අසාර්ථක වි තිබෙන බව සදහන් කලේ  අපගෙ නෙතට කදුලක් පුරමින්ය.

මෙම නිළධාරියා දෙදරුපියකු බවත් බිරිද රැකියාවක් නැතිඅතර මෙම නිළධාරියාට කෘතිම අතක් ලබා දිමට හැකි පුද්ගලකු සිටිනමි 0252222222 අනුරාධපුර පොලිසිය  සහා 0711979373 දුරකථන අංකය  අමතා සහයක් ලබා දෙන ලෙස ඒ මහතා ඉල්ලිමක් කලා.

ජි ඒ එස් ගමඇතිගේ පැල්මඩුල්ල




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com