www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ ධනුරොක් නායකයාට පහරදුන් ආවා තිදෙනකු අල්ලයි


2020-09-29 08:22:37 -  121 යි

යාපනයේ ධනුරොක් කල්ලියේ නායකයාට පහරදීමේ සිද්ධියට අදාළව ආවා කල්ලියේ ප්‍රබල සමාජිකයකු ඇතුළු තිදෙනකු යාපනය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව හඳුනාගෙන ඇති තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව යාපනය දිසාවේ උසස් පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.

සෙනසුරාදා (26 වැනිදා) යාපනය පෙරුමාල් කෝවිල අසලදී ධනුරොක් කල්ලියේ නායක පද්මරාසා ධනූෂන් හෙවත් ධනුරොක් නමැත්තා යතුරුපැදියෙන් ගමන්ගෙන සිටියදී වැගන් ආර්. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මග හරස් කොට පහරදී කැපුම් තුවාල සිදුකර තිබුණි.

මෙම සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවලදී ආවා කල්ලියේ ප්‍රබලයකු වන කොකුවිල් ප්‍රදේශයේ පදිංචි අශෝක් මෝහන් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ගේද අනන්‍යතාව හඳුනාගෙන තිබේ.

පහරදීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය වවුනියාව ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන අයකුගෙන් ලබාගත්තක් බව මූලික පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. එම වාහනය වෛද්‍යවරයකුට අයත් ද වෙනත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයකුට වූ අයත් ද යන්න පිළිබඳ පොලිසිය පුළුල්ව විමර්ශනය කරති.

ආවා කල්ලියේ අශෝක මෝහන් සමගින් ඇති කරගත් ගැටුමක් හේතුවෙන් එම කල්ලියෙන් ඉවත් වූ ධනූෂන් විසින් ධනුරොක් නමින් කල්ලියක් පිිහිටුවාගෙන තිබෙන අතර අශෝක් මෝහන් හා ධනුෂන් අතර විටින් විට ගැටුම් ඇතිව ඇත.

ඒ ආකාරයෙන් ධනූරොක් සමාජ මාධ්‍ය මගින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් මෙම පහරදීමට හේතු වන්නට ඇතැයි සැක කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com