www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරු නැගෙනහිර හර්තාලය අසාර්ථකයි!!!


2020-09-28 12:51:35 -  288 යි

උතුරු හා නැගෙනහිර ක්‍රියාත්මක දමිල දේශපාලන පක්ෂ විසින් අද දින උතුරු හා නැගෙනහිර  ප්‍රදේශයන්හි සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරයට එරෙහිව වත්මන් රජයට සහයෝගය පළ කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලයිපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් අද දින වාලචිචෙන පොලිස් ස්ථානය ආසන්නයේදී විරෝධතාවයක් පවත්වා ඇත. එහිදී ඔවුන් විසින් ප්‍රකාශ කර සිටියේ දමිළ දේශපාලන පක්ෂ ඔවුන්ගේ පටු දේශපාලනික වාසි අරමුණු කර ගනිමින් මෙම හර්තාලය සිදු කරන බවයි. තවද ඔවුන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ උතුරු හා නැගෙනහිර ජිවත් වන දමිල ජනතාවගේ ගැටලු සහ මුලික අවශ්‍යතාවයන් පිළිබදව කිසිදු අවධානයක් නොදක්වන මෙම දමිළ දේශපාලඥයන් විසින් මෙලෙස ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරමින් සාමකාමී වතාවරණයට ද ගැටලු ඇති කරවීම සදහා මෙම හර්තාලය සිදු කරන බවයි.  මෙම විරෝධතාවය සදහා වාලචිචෙන ප්‍රදේශීය සභාවේ සාමාජික එස්. ධර්මලිංගම් ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බවට අනාවරණය විය.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com