www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රේමයට බාධා කළැයි මවගේ අනියම් සැමියා 16 හැවිරිදි දැරිය මරා දමයි


2020-09-28 10:05:12 -  554 යි

බලන්ගොඩ, ඔලුගංතොට, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෙරේදා 26 දා පස්වරුවේ රක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රක්වාන, බටලන්ද, උක්වත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර තමන් එම දැරියගේ මවගේ අනියම් සැමියා බවට ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇත. එම දැරියගේ මව සමග තමන් මාස අටක කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රේම සම්බන්ධතාවට දුවගෙන් බාධා ඇතිවන බව මව පැවැසූ බවත්, ඒ හේතුවෙන් දැරියගේ ගෙල රෙදි පටියකින් සිරකර ඝාතනය කළ බවත් ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ. ඉකුත් 22 වැනිදා එම දැරිය බලන්ගොඩ, රයිවත්ත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ඇගේ නිවසේදී ගෙල සිරකර ඝාතනය කර තිබුණි.

බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. ආර්. කේ. බී. බාලසූරියගේ ඇතුළු නිලධාරීන් පිරිසක් පෙරේදා (26දා) උක්වත්ත, රක්වාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com