www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අකුරැස්ස සභාවේ පළමු ​කොම්පෝස්ට් තොගය අලෙවියට


2020-09-23 14:12:35 -  255 යි

අකුරැස්ස ප්‍රාදේශීය සභාව මගින් අලුතින් ආරම්භ කරන ලද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම කොම්පෝස්ට් පොහොර තොගය දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21 වැනිදා) අලෙවි කළේය.

කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් දෙදහසක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර තොගයම මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් ඉල්ලුම් කර ඇති බව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ පැවසීය.

වැඩිදුරටත් සභාපතිවරයා මෙ​සේද සඳහන් කළේය. - සතියකට පොහොර කිලෝග්‍රෑම් දහසක් පමණ නිෂ්පාදනය කරන්න පුළුවන්. අවුරුදු 10කටත් වැඩි කාලයක් අකුරැස්ස නගරයේ දිනපතා එකතු වෙන කසළ බැහැර කරන්න අපිට ස්ථානයක් තිබුණෙ නැහැ. පිළිසරු ව්‍යාපෘතියෙන් ආධාර ලැබුණා. පසුගිය රජය කාලයේ පළාත් පාලන මැතිවරණ නොපැවැත්වූ නිසා අපේ ප්‍රාදේශීය සභාව අක්‍රියව තිබෙන්නේ. ඒ නිසා ව්‍යාපෘතිය නැවතී තිබුණා. දැන් ව්‍යාපෘතිය පටන් ගන්න පුළුවන් වුණා. කසළ ව්‍යාපෘතියෙන් රැකියා කිහිපයක් බිහි වූ නිසා නගරයේ කුණු ගොඩට නැවතීමේ තිත තියන්නට හැකියාව ලැබුණා.

අලෙවිය සඳහා සූදානම් කර තිබූ පළමු කොම්පෝස්ට් පොහොර තොගයෙන් පොහොර කොට්ටයක් දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මිලදී ගත්තේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com