www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මරණ දණ්ඩනය නියම වූ වෙලේ සුදාගේ භාරයක් ඔප්පු කරන්න එළ ගවයින් 15ක් නිදහස් කරලා


2020-09-15 07:52:47 -  267 යි

මරණීය දණ්ඩනය නියම වී ඇති මහා පරිමාණ ජාවාරම්කරුවකු වන වෙලේ සුදා විසින් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මරණයට කැප වූ එළ ගවයන් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කර ඇතැයි තොරතුරු අනාවරණය වේ.


නිදහස් කරගනු ලැබූ සියලුම එළ ගවයන් විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති බවද වෙලේ සුදාගේ මස්සිනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී තිබේ.
වෙලේ සුදාගේ මස්සිනා වන ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර පසුගිය 10 වෙනි දා ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.වෙලේ සුදාගේ බිරිය විසින් මරණයට කැපවූ ගවයින් නිදහස් කර ගැනීම සඳහා මෙකී සැකකරුට මුදල් ලබාදී ඇති අතර, ගව ඝාතනාගාරවලින් නිදහස් කරගෙන ඇති මරණයට කැප වූ එළගවයින් 15කට අධික සංඛ්‍යාවක් අදාළ සැකකරුගේ මැදිහත් වීමෙන් ඉමදූව ප්‍රදේශයේ ගොවීන්ට බෙදා දී ඇති බවද වැඩිදුටත් අනාවරණය වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com