www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආනවිලුන්දාව විනාශකළේ 'ඔක්සිජන් ඇමති' ගේ සොහොයුරා බව හෙළිවුනත් නීතිය කරවන්නන් මර නින්දේ....


2020-09-11 07:21:47 -  196 යි

පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් ප්‍රදේශය නීතිවිරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක්‍රියා කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ මෙහෙයවීම මත බව එම පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව හෙළිකර තිබේ.

ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ සොහොයුරාය.

මෙම අභයභූමි ප්‍රදේශයේ සිදුකළ පරිසර විනාශය පිළිබඳ පරිසරවේදීන් විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත් කෙරිණි. 

පසුගියදා ප‍්‍රසිද්ධ නාලිකාව වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ සම්බන්ධයක් නොමැති අතර එහිදී වනාන්තර විනාශයක් සිදුවී නොමැති බවය.

මෙම සනත් නිශාන්ත අමාත්‍යවරයා සහ ඔහුගේ සොයුරු ජගත් සමන්ත යන දෙදෙනාම මීට පෙර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ අයද වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ නිරීක්ෂණ වාර්තාව පහතින් දැක්වේ.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com