www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධුෂ්ට CIDය චෝදනා ගොනුකර නැති නිසා ඇප ඉල්ලයි


2020-09-10 11:55:50 -  417 යි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නමැත්තා ඇප මත මුදාහරින ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඊයේ (09) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්‍ෂේප කළේය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව පසුගිය මැයි මස සිට මේ දක්වා සිය සේවාදායකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නමුත් ඔහුට එරෙහිව කිසිම චෝදනාවක් ඉදිරිපත් කර නඩු පැවරීමක් කර නොමැති බව පෙන්වා දෙමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා එම ඉල්ලීම කළේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ රැඳවුම් නියෝගයක් මත සිය සේවාදායකයා රඳවාගෙන සිටින නමුත් මේ වන විට එකී රැඳවුම් නියෝග කාලයද ඉක්මගොස් ඇති බැවින් එලෙස රඳවාගෙන සිටීම හා රැඳවුම් නියෝගයේ වලංගුභාවය සම්බන්ධයෙන්ද ගැටලූ සහගත වන බව නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයට කියා සිටියේය.

මාකඳුරේ මධුෂ් නමැත්තා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කර නොමැති බැවින් එවැනි නියෝගයක් කිරීමේ බලය තම අධිකරණයට නොමැති බවත් හිටපු ජනාධිපතිවරයකුගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තර්ක කළ යුත්තේ තම අධිකරණය හමුවේදී නොව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී බවත් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com