www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිරින්දේ අක්කර 30ක කඩොලාන කුඩුකරගෙන සංචාරක කඩ බිහිවේ


2020-09-08 07:57:34 -  185 යි

තිස්සමහාරාම, කිරින්ද, අඳගලවැල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර තිහක පමණ විහිදුණු සුන්දර කඩොලාන ප්‍රදේශය සංචාරක ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ දානපතීන්ගේ කොල්ලයට නතුව තිබේ.

ඒ අනුව දැනට ඉතිරිව පවතින කඩොලාන ප්‍රදේශයත් තිස්සමහාරාම විලමුල්ල ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයකු අත්පත් කරගනිමින් සිටියදී කිරින්ද පොලිසිය මැදිහත්ව කළ වැටලීමකින් එම ව්‍යාපාරිකයා සහ ජේ.සී.බී. යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කඩොලාන ශාක ඉවත් කොට තැන තැන ගොඩගසා ගිනි තබමින් සිටි බව කිරින්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එල්.බී. රංජිත් සඳහන් කරයි.

සුනාමි ව්‍යසනයෙන් පසු මෙම ප්‍රදේශය කඩොලාන ශාක වගා කිරීමේ ප්‍රදේශයක් ලෙසද නම් කර වැඩසටහන් පවා දියත් විය. ඉතා රමණීය කඩොලාන පරිසරයක් ලෙස සංචාරක ආකර්ෂණයද දිනා ඇති මෙම ප්‍රදේශයේ ග්‍රීන් බර්ඩ් වැනි පක්ෂීන් විශාල ප්‍රමාණයක් සහ සහ උරග විශේෂ ද ජීවත් වන බව කියයි.

මේ වන විටත් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා මෙම කඩොලාන භූමිය කොටුකර තිබෙන ආකාරයක් දැක ගත හැකිය. වෙරළ සංරක්ෂණ නිලධාරීන් සහ පරිසරවේදීන් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් දැනට ඉතිරිව ඇති කඩොලාන ප්‍රදේශයේ ද නුදුරු දිනකදී සංචාරක හෝටල් ඉදිවනු ඇතැයි පරිසරවේදීහු පවසති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com