www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කවුද මේ වෙඩි කා නැසීගිය ඉන්ද්‍රා නොහොත් සමයංගේ කල්ලියේ වෙඩික්කරු ඉන්ද්‍රා


2020-08-31 14:21:16 -  683 යි

සඟවා තිබූ ආයුධ පෙන්වීමට යද්දී පොලිස් රියැදුරුගේ ගෙල සිර කිරීමට හදලා

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සමයං නමැත්තාගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන හමුදාවෙන් පැන ආ ඉන්ද්‍රා නමැති පාතාල සාමාජිකයා නවගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සඟවා ඇති ආයුධ සෙවීමට රැුගෙන යමින් සිටියදී පොලිස් ජීප් රථයේ රියැදුරුගේ ගෙල සිරකර පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය විසින් සිදුකළ වෙඩි ප‍්‍රහාරයකින් මරුමුවට පත්ව ඇත.

කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනයට ලක්වූ සමයංගේ ප‍්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා පසුගිය 27 වැනිදා කැලණි ගඟට පැන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය ගඟට පැන මහත් පරිශ‍්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 ක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් රැුඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරමින් තිබිණි. එහිදී සැකකරු විසින් තමන්ගේ සඟවා ඇති අවි ආයුධ සහ ගෝලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදී ගිනි අවි සහ ගෝලයන් පෙන්වීමට පොලිස් ජීප් රථයකින් නවගමුව, කඩුවෙල, රණාල ආදී ප‍්‍රදේශ කිහිපයකට ගොස් ඇත.

රාති‍්‍ර 11.30 ට පමණ රණාල ඇඹුල්ගම ප‍්‍රදේශයට ගොස් කැලෑබද ස්ථානයක පිහිටි හිස් වතුර ටැංකියක සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 5 ක්, මැගසින් එකක්, අත් බෝම්බයක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිසියට ලබාදී ඇත. එම ගිනි අවිද රැුගෙන පැමිණෙමින් සිටියදී හයිලෙවල් මාර්ගයේ දුනුවිල හන්දියේදී එකවරම ඉන්ද්‍රා නමැත්තා ජීප් රථය පදවාගෙන යමින් සිටි (18752) චානක නමැති රියැදුරුගේ ගෙල සිර කර ජීප් රථය අනතුරකට ලක්කර පලා යෑමට උත්සහ කර තිබේ. එහිදී පොලිස් සැරයන්වරයකු විසින් සැකකරුට වෙඩි තබා ඇත. එම වෙඩි ප‍්‍රහාරයෙන් ඉන්ද්‍රා බරපතළ තුවාල ලබා ඇති අතර නවගමුව රෝහලට ඔහු ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙහිදී තුවාල ලැබූ රියැදුරුද ප‍්‍රතිකාර සඳහා නවගමුව රෝහලට ඇතුළත් කර ඇත.

මරුමුවට ලක්වූ ඉන්ද්‍රාට එරෙහිව මනුෂ්‍ය ඝාතන 2 ක් සහ කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා රැුසක් ඇති බව පොලිසිය පවසයි.

ඉන්ද්‍රා දැනට බන්ධනාගාරව සිටින ඌරු ජුවා සහ සමයං නමැත්තාගේ ගෝලයන් බවත් සමයං මරුමුවට පත්වීමෙන් පසු හෙරොයින් ජාවාරම සහ කප්පම් ගැනීම් මුල්කර ගෙන ඇතිවූ සිද්ධියක් මත ඉන්ද්‍රා සහ ඌරු ජුවා කණ්ඩායම් දෙකකට බෙදී එම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවද හෙළිවී ඇත.

ඉන්ද්‍රා නමැත්තා විවිධ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් කළත් ඔහුට ඇති බිය නිසා පොලිසියට තොරතුරු ලබාදීමට එම ව්‍යාපාරිකයන් කටයුතු කර නැතැයිද පැවසේ. ඉන්ද්‍රා මිය යෑම වාර්තා වීමත් සමග නවගමුව පොලිසියට ඊයේ (30 දා) වන විට කප්පම් ගැනීම් පැමිණිලි 10 ක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නවගමුව පොලිස් ස්ථානාධිපති දිනේෂ් අතරගම මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.ෙ



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com