www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියක් සරුංගලයක පැටලී අහසට යයි.


2020-08-31 13:05:31 -  568 යි

වයස අවුරුදු 3ක දැරියක් සරුංගලයක පැටලී ගුවනට විසිවීමේ පුවතක් තායිවානයෙන් වාර්තා වේ.

එරට සිංචු ප්‍රදේශයේ ඊයේ (30) පැවති සරුංගල් සැණකෙළියක් අතරවාරයේ එම අනතුර සිදුව ඇත.

එම දැරිය විශාල ප්‍රමාණයේ සරුංගලයක වලිගය අල්ලාගෙන සිටින අතරවාරයේ එය ගුවනට යොමු කර තිබේ.

දැරියද එහි පැටලී මීටර් කිහිපයක් ඉහළට ඇදි ගොස් නරඹන්නන් පිරිසක් අතරට ඇද වැටීමේදී ඔවුන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද අනතුරෙන් දැරියගේ මුහුණේ සුළු කැපුම් තුවාලයක් සිදු වීම හැරෙන්නට වෙනත් කිසිදු හානියක් සිදුව නොමැති බව තායිවාන මාධ්‍ය වාර්තා කළේය.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com