www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ටී-56 ක් හා උණ්ඩ 30 ක් සමග සිඟිති කළුවා වීරකැටියෙන් අල්ලයි


2020-08-27 08:09:10 -  321 යි

වරෙන්තු 11 ක් හා විවිධ අපරාධ නඩු 23 ක් පවතින අපරාධ කල්ලි සාමාජිකයකු වීරකැටිය හින්බුන්න ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් හා ජීව පතුරම් 30 ක් සමග ඊයේ (26දා) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය, හීන්බුන්න ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිඟිති කළුවා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අයෙකි.

තංගල්ල කොට්ඨ‍ාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ නිවස තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් හා ජීව පතුරම් 30 ක් සමග හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 1 යි, මිලි ග්‍රෑම් 610 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේම පදිංචි වෙනත් අපරාධ කල්ලි සාමාජිකයකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය නිවසේ සඟවා තිබූ බවයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් වෙනුවෙන් විභාග වෙමින් පවතින නඩු 23 ක් හා වරෙන්තු 11 ක් මොහුට විරුද්ධව ඇති බව අනාවරණය වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිසියට භාරදී තිබේ.

වරෙන්තු 11 ක්,

අපරාධ නඩු 23 ක් ඇති

නමගිය අපරාධකරුවෙක්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com