www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මේක රාජපක්ෂ රෙජීමය නොවේ ගෝඨට ඕනෑ දේවල් කරන්න බැහැ යි කියමින් මංගල බුද්ධි ප්‍රධානීන්ට කළ බලපෑම් හෙළි වේ


2020-08-27 07:58:43 -  308 යි

පසුගිය පාලන සමයේදී හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, බුද්ධි අංශ ප්‍රධානීන්ට කළ බලපෑම්, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26 වැනිදා) හෙළිදරව් විය.

ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊය නැවත ගොඩ නගන ප්‍රධාන පෙළේ සාමාජිකයන් දෙදෙනකු වන සුරේන් සුරේන්ද්‍රන් සහ එමානුවෙල් පියතුමා අසාදු ලේඛනයෙන් ඉවත් කරන ලෙසට මංගල සමරවීර බලපෑම් කළ බව ජාතික බුද්ධි ප්‍රධානී ලෙස වැඩ ආවරණය කළ කර්නල් ශම්මි කුමාර දේශපාලන පළිගැනීම් විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් අනුමත කරන ලද ප්‍රඥප්තියට අනුව, ත්‍රස්තවාදීන්ට සම්බන්ධ සාමාජිකයන් හා එම ත්‍රස්තවාදීන්ට උදව් කරන සංවිධාන පිළිබඳ නාම ලේඛනයක් සකස් කරන බවත්, එම ලේඛනයට අදාළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර තිබූ බවත් ශම්මි කුමාර පැවසීය. එම ලේඛකනය පිළිබඳ විමසීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර තමා කැඳ වූ බවත්, එහි නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරාදා සිටි බව දන්වා සිටිශම්මි කුමාර,සුරේන් සුරේන්ද්‍රන් නමැත්තා එල්ටීටීඊය වෙත මුදල් සැපයීම් කරන අයකු බවත් එමානුවෙල් පියතුමා එල්ටීටීඊයට ඍජුව සම්බන්ධ අයකු බවත් දන්වා සිටියේය.

මේක රාජපක්ෂ රෙජීමය නොවන බව මතක තියාගන්න. ගෝඨාභයට ඕනෑ දේවල් කරන්න බැහැ කියා මංගල සමරවීර උස් හඬින් පවසමින් තමන්ට බලපෑම් කළ බව ශම්මි කුමාර පැවසීය.

ඒ කාලේ මේ අය එල්ටීටීඊ වෙන්න පුළුවන්. නමුත් දැන් ඒ අය එල්ටීටීඊ එකේ නැහැ. මේ දෙන්නා මගේ මිත්‍රයන්. පසුගිය කාලේ ඔවුන් හා සම්බන්ධ වී අපි හොඳින් කා බී සිටි බවත්, මංගල සමරවීර තමාට පැවසූ බවද ශම්මි කුමාර දේශපාලන පළිගැනීම් විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com