www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෛද්‍ය ශාෆිගේ වඳ සැත්කම් නඩුව: බිළිඳෙකුගේ මළ සිරුරක් යළි ගොඩගැනීමට නියෝග


2020-08-26 22:50:38 -  344 යි

සිසේරියන් සැත්කම් සිදු කර මව්වරුන් වඳ භාවයට කළ බවට චෝදනා ලබා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් ට එරෙහිව පවතින නඩු විභාග‍ය අද (26) කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ පැවැත්විණි.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී, ශාෆි ශිහාබ්දීන් වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කමකින් අලුත උපන් තම දරුවා මිය ගිය බවත්, එය සැක සහිත බවත් කුරුණෑගල, වැල්ලව - රිකිල්ලගස්ගමුව පදිංචි කාන්තාවක පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින්, ලබන 28 වන දා එම බිළිඳාගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.

එසේ ම, වෛද්‍ය ශිහාබ්දීන් මහතා මව්වරුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධ සිද්ධියේ විශේෂ සාක්ෂි විමසීම විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති බවට කරුණු සනාථ වී ඇති බැවින්, ඉදිරි විමර්ශන කටයුතු විශේෂ විමර්ශනයකට යොමුකර නැවත සාක්ෂි විමසීමට කටයුතු කරන බව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුවිභාගය එළඹෙන දෙසැම්බර් 11 දින දක්වා කල් තැබිණ.

වෛද්‍ය ශාබ්දීන් වෙනුවෙන් නීතිඥ චානක අබේවික්‍රම ඇතුළු තිදෙනෙක් පෙනී සිටියහ.

රවිඳු සූරියබණ්ඩාර - කුරුණෑගල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com