www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එස්.එෆ්.ලොක්කා ඝාතනය පසුපස ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙක්


2020-08-26 13:26:24 -  672 යි

පසුගියදා අනුරාධපුරයේදී සිදුවූ එස් එෆ් ලොක්කා ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට ඒ ගැන සිදු කළ විමර්ශන අනුව සැකකරුවන් පිළිබඳ හෝඩුවාවන් කිහිපයක් ලැබී තිබේ.
ඝාතනයව සිදු කළ වෙඩික්කරු ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් තත්පර තුනක් ඇතුළත
වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඇති බවත්, එම වෙඩි ප්‍රහාර අටෙන් පහක්ම එල්ල කර ඇත්තේ එස් එෆ් ලොක්කාගේ පපුව ප්‍රදේශයට බවත් එස් එෆ් ලොක්කා ඝාතන සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් අනාවරණය කර ඇත.

පසුගිය 5 වැනිදා පෙරවරු 11.45 ට පමණ නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචිව සිටි ආර්.ඒ. ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා නැමැති අපරාධ නඩු අටක විත්තිකරු මියගියේය.

යතුරු පැදියකින් පැමිණ ඇති නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාර අට තත්පර තුනක් ඇතුළත එල්ලකර ඉන් වෙඩි ප්‍රහාර පහක්ම එස් එෆ් ලොක්කාගේ පපුව ප්‍රදේශයට එල්ලකර ඇත්තේ එස් එෆ් ලොක්කා ගමන් කරමින් සිට ඇති සුඛෝපභෝගී මෝටර් රථය අනුරාධපුර දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය අසලදී වේගය අඩුකළ අවස්ථාවේදී බවටද පොලිස් විමර්ෂන කණ්ඩායම් හෙළි කරගෙන තිබේ.

මේ අතර එස් එෆ් ලොක්කා ගමන් කරමින් සිට ඇති මෝටර් රථයේ ගෑස් ටැංකියද නිවැරදිව හඳුනාගෙන එයට ඉලක්ක කර ඊටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර මෝටර් රථය ගිනි ගැනීමට සලස්වා ඇති වෙඩික්කරු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එස් එෆ් ලොක්කා සමඟ එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවට කිසිඳු හානියක් සිදු නොවන ආකාරයෙන් සියලු වෙඩි ප්‍රහාර එල්ල කිරීමට තරම් ඉලක්කයට වෙඩි තැබීමට විශේෂ දක්ෂතාවක් දක්වා ඇති අයකු බවටද විමර්ශන කණ්ඩායම් තහවුරු කරගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com