www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සලෙළ මාමාට දියණිය බිලිදුන් නරුම මවක් හා මිත්තණියක්


2020-08-26 08:02:36 -  814 යි

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාර පාසල් සිසුවියකට කෲරත්වයෙන් සැලකීම සහ ඇය ලිංගික අතවරයන්ට ලක් කිරීමට අනුබල දුන් එම දැරිවියගේ මව, මිත්තණිය හා සැකකාර මාමා කෙනකුවද මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (24 වැනිදා) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපහරණයට ලක් වූ දැරිවිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මනක්කුලම - කොහොඹවත්ත පදිංචි එම දැරිවියගේ 58 හැවිරිදි මිත්තණිය, 35 වියැති මව සහ 42 වැනි වියේ පසු වන මාමා කෙනෙකුවය.

එම දැරිවියගේ මව සහ පියා වෙනත් විවාහයන් කරගෙන වෙනමම ජීවත් වන බව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත. දැරිවිය සහ ඇයගේ බාල සහෝදරයන් දෙදෙනකු හැදී වැඩී ඇත්තේ මිත්තණිය භාරයේය.

දැරිවියගේ මාමා බව කියන සැකකරු ඇයට නිරන්තර ලිංගික අතවර සිදු කර ඇත. දැරිවිය විසින් මේ බව තම මිත්තණියට සහ මවට දැනුම් දී ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. පසුව දැරිවිය මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී තමන් මුහුණ දී ඇති තත්ත්වය පවසා ඇත.

ඒ අනුව මාදම්පේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com