www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

4GB RAM + 64GB storage සහිතව Huawei AppGallery රැගෙන නවතම Huawei Y6P වෙළඳ පොළට එයි


2020-08-20 08:28:02 -  308 යි

Huawei, ඉකුත් වසරෙහි හඳුන්වා දෙනු ලැබූ Huawei AppGallery, ඉතා කෙටි කලකින්ම ලෝකයේ ජංගම දුරකතන පරිශීලකයන්ගේ ප්‍රියතම apps ඩවුන්ලෝඩ් කර ගැනීමේ ක්‍රමවේදයක් බවට පත්ව තිබේ. මේ වන විට AppGallery හා බැඳී සිටින ලෝක මට්ටමේ පරිශීලකයන් සංඛ්‍යාව මසකට මිලියන 420 ක ට අධික වද්දී, ඊට සාපේක්ෂව ශ්‍රී ලාංකික පරිශීලක සංඛ්‍යාවද අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. දිනෙන් දින ඊට එක්වන මිලියන ගණනක් වන පරිශීලක සංඛ්‍යාව හේතුවෙන් Huawei AppGallery, ලොව ප්‍රමුඛ App Gallery තුන අතරට පැමිණ ඇත.

ඕනෑම Huawei දුරකකතනයක් මගින් ප්‍රවේශ විය හැකි Huawei AppGallery වෙතින් ඕනෑම app එකක් ආරක්ෂාකාරීව බාගත කළ හැකි වන අතර, ඉදිරියේදී Huawei මගින් නිකුත් කෙරෙන සෑම ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින්ම Huawei AppGallery වෙත පිවිසීමේ පහසුකම දැන් Huawei පාරිභෝගිකයන් හට තිළිණ කර තිබේ. Huawei විසින් මෑත කාලයේ වෙළෙඳ පොළට නිකුත් කරන ලද සෑම ස්මාර්ට් ජංගම දුරකතනයකම පාහේ මෙම පහසුකම අන්තර්ගත කර තිබේ. මෙම පහසුකම රැගත් නව්‍යතම Huawei ස්මාර්ට් දුරකතනය ලෙසින් පරිශීලකයන් අතට පත්වන්නේ, Huawei Y6P ස්මාර්ට් ජංගම දුරකතනයයි.

මෙලෙස Huawei AppGallery හරහා ලොව ජනප්‍රිය apps සියල්ලකටම ප්‍රවිශ්ට විය හැකි පහසුකම් සමග මන බඳින නිමාවෙන් යුතුව වෙළෙඳ පොළට පැමිණි මෙම දුරකතනය, එම මිල මට්ටමේ ඇති ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි කැපී පෙනෙන විශේෂාංගවලින් යුක්ත දුරකතනය බවට පත්ව ඇත. Entry level මාදිලියට වෙනසක් එකතු කරමින් වෙළෙඳ පොළේ ඇති අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකතනයන්හි විශේෂාංග අභිභවා යමින් ඉතා ඉහළ විශේෂාංග රැසක් එහි කැටි කර තිබේ.

එහි 4GB RAM සමග 64 GB internal මෙමරිය සමගින් Entry level කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන අතරට විශේෂත්වයක් එක් කරන්නට සමත් වන Huawei Y6P ඉහළ storage ධාරිතා හැකියාවක් පවත්වා ගැනීමට සමත් වී තිබේ. ඒ හේතුවෙන් පරිශීලකයන් ප්‍රිය කරන games හා apps මෙන්ම වීඩීයෝ ඩවුන්ලෝඩ් කර තබා ගැනීමට හැකියාව පවතී. සාමාන්‍යයෙන් Entry level මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි මෙවැනි ධාරිතා හැකියාවක් පවතින දුරකතන, වෙළෙඳ පොළේ ඉතාමත් විරලය.

එමෙන්ම සාමාන්‍යයෙන් ස්මාර්ට් ජංගම දුරකතන පාරිභෝගිකයන් සැලකිලිමත්වන සුවිශේෂී කාරණයක් ලෙසින් සටහන් කළ හැක්කේ, දුරකතනයේ බැටරි ධාරිතාවයයි. 5000 mAH ක් තරම් ප්‍රශස්ත බැටරි ධාරිතාවයක් පවත්වා ගනිමින් Huawei Y6P ස්මාර්ට් ජංගම දුරකතනය, පරිශීලකයන්ට පහසු සන්නිවේදන අත්දැකීමක් අඛණ්ඩව ලබා දීමට සමත් වෙයි.

මෙහි සඳහන් කළ යුතු තවත් විශේෂාංගයක් නම් පසුපස ඇති ත්‍රිත්ව කැමරා සැකසුමයි. Huawei පරිශීලකයන්ගේ ඡායාරූප ගැනීමේ අභිලාශය හා හැකියාව තව තවත් දල්වමින් ඉදිරිපස සෙල්ෆි කැමරාව හැරුණු විට, පසුපස කැමරා සැකසුම් ත්‍රිත්වය 13 MP main cameraවෙන්ද, 5 MP wide angle camera වෙන් හා 2MP depth camera වෙන් යුක්ත වී තිබේ.

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කරමින් ලොව වැඩි පරිශීලක පිරිසක් අතර භාවිත වන Facebook, Whatsapp, Viber, Imo, Twitter Instagram හා Snapchat ආදී social media apps බාගත කළ හැකි වේ. පරිශීලකයන් හට ඉතා පහසුවෙන් ප්‍රවිශ්ට විය හැකි, ශ්‍රී ලාංකීය apps ගණනාවක්ද එක්ව පෝෂණය කරන Huawei AppGallery ය සම්පත් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැනි ප්‍රමුඛ බැංකු ගණනාවක ජනප්‍රිය banking apps ගණනාවක්ද පරිශීලකයන් වෙත පිරි නමයි. එමෙන්ම, Mobitel, Hutch, Dialog Easy Pay, Peo TV ඇතුළු සන්නිවේදන සේවා සම්බන්ධ appsද, ශ්‍රී ලාංකීය පරිශීලකයන් අතර බහුලව භාවිත වන Helakuru, PickMe, Shareit, වැනි appsද Daraz, Booking.com, AliExpress, Frimi හා ikman.lk වැනි appsද තත්ත්පර ගණනක් තුළ Huawei AppGallery මගින් ඩවුන්ලෝඩ් කළ හැකි වීම විශේෂත්වයකි.

මේ වෙද්දී, Huawei AppGallery වෙතින් ඩවුන්ලෝඩ් කරගත නොහැකි app එකක් පවතින්නේ නම් ඒ ඉතාමත් කලාතුරකින් වන අතර, යම් හෙයකින් කිසියම් app එකක් Huawei AppGallery මගින් සොයා ගත නොහැකි නම්, Huawei පරිශීලකයන්ට පහසුවෙන් ඒවා Petal Search මගින් ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකිය.

Petal Search මගින් පරිශීලකයන්ට app හෝ game ඩවුන්ලෝඩ් කර ගැනීමේදී පහසු හා කඩිනම් පරිශීලක අත්දැකීමක් ලබා දේ. එමෙන්ම, එමගින් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට apps මිලියන ගණනක්ද එහි පවතී. App Gallery හි ඇති මෙම Petal search පහසුකම කිසිදු app වෙළදපොළක දැකිය නොහැකි Huawei පරිශීලකයන් වෙත පමණක් හිමි වන පහසුකමක් වන අතර එමගින් ද තත්පර කිහිපයකින් apps බාගත කිරීමේ හැකියාව පවතී. Huawei App Gallery හරහා Petal search බාගත කර ඊට ප්‍රවේශ විය යුතු වේ.

Huawei AppGallery වෙත ගොස් Petal Search Find Apps ලෙස search කිරීමෙන් ඉතාමත් පහසුවෙන් Petal Search ඩවුන්ලෝඩ් කර Install කර ගත හැකිය.

ඉන් පසු ස්මාර්ට් දුරකතනයේ Home Screen තුළට ගොස් ඇඟිලි තුඩු දෙකෙන් දුරකතනයේ තිරය එක වර ටච් කරන්න. එවිට ඔබට Widget ලෙසින් Icon එකක් දිස්වන අතර, එය click කර එම මෙනුවේ හරස් අතට ගමන් කරන්න. එහිදී ඔබට Petal Search icon එක දිස්වේ. එය click කර home screen තුළට එක් කරන්න. දැන් දුරකතනයේ ප්‍රධාන තිරයේ Find Apps ලෙස තීරුවක් දිස්වේ. මේ තුළින් ඔබට ඕනෑම app එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com