www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

14 හැවිරිදි දැරියට අතවර කළ නරුමයන් නවදෙනා රිමාන්ඩ් භාරයට


2020-08-18 08:09:56 -  818 යි

වයස අවුරුදු 14 ක පාසල් දැරියක් දූෂණය කළ බවට චෝදනා ලත් පුද්ගලයන් 09 (නව දෙනකු) මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගලගෙදර අධිකරණය මගින් නියෝග කොට තිබේ.

පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කසාවත්ත ජනපදයේ පදිංචි එම දැරිය 09 වසරේ අධ්‍යාපනය හදාරන බව සඳහන්ය. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක වැඩිමහල් දරුවා වන එම දැරිය ප්‍රථමයෙන්ම දූෂණයට ලක්ව ඇත්තේ කම්කරුවෙකු වන ඇගේ පියා හා එක්ව එම වෘත්තියේ නියැළෙන තරුණයෙකු අතින් බව පොලිසිය සඳහන් කරයි.

ඉන් අනතුරුව මෙම දැරිය රවටා සුළු මුදලක් ලබාදී පුද්ගලයන් 08 දෙනකු විසින් වරින්වර දැරිය දූෂණයට ලක් කොට ඇති බව සඳහන් වන අතර මෙම චූදිතයන් වයස අවුරුදු 44, 28, 27, 25 හා 24 හැවිරිදි වියේ පසුවන්නන් බවත් ස්ථිර රැකියාවක් නොමැති ඇතැම් චූදිතයන් මත් ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවන් බව ද පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගත් දූෂණයට ලක්වූ දැරියගේ මව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් ඇමතුමකට අනුව පූජාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත විජේබණ්ඩාර මෙම දැරිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු ඇය බරපතළ ආකාරයෙන් දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තා මගින් හෙළි කරගෙන ඇත. ඉන් අනතුරුව දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය තමාට අතවර කරන ලද පුද්ගලයන් පිළිබඳව පොලිසියට ප්‍රකාශයක් සිදුකොට තිබේ. ඇයගේ ප්‍රකාශයට අනුව සැකකාර පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන 14 දින ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චූදිතයන් මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අතවරයට ලක් වූ දැරිය පරිවාස භාරයට පත් කරන ලෙසත් ගලගෙදර අධිකරණය මගින් නියෝග කොට තිබේ. දූෂණයට ලක්වූ දැරියගේ පියා මෙන්ම මවද මත්පැන් පානයට ඇබ්බැහි වූවන් බවට තොරතුරු ලැබී ඇති අතර පූජාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දෙමාපියන් කැඳවා ඔවුන් හට දැඩි ලෙස අවවාද කොට ඇත. මෙම බාල වයස්කාර දැරියගේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල මත මෙම අපරාධය සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එම දෙපළට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පූජාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත විජේබණ්ඩාර සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූජාපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com