www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

16 හැවිරිදි දියණිය ගැබිනියක් කළ සුළු පියා සොයා පරීක්ෂණ


2020-08-18 07:59:52 -  721 යි

තම බිරිඳගේ පෙර කසාදයේ දියණිය ගැබිනියක් බවට පත් කළ සුළු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලිසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ මහ කුඹුක්කඩවල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණියකි. ඇය ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත. එම තරුණියගේ පියා ඔවුන් අතහැර යාමෙන් පසුව මව වෙනත් පුරුෂයකු සමග පවුල් ජීවිතයක් ආරම්භ කර තිබේ.

මේ අතර එම තරුණිය හදිසියේම තරුණයකුට විවාහ කර දීමට මව සහ සුළු පියා සූදානම් වී ඇත. එම විවාහය සිදු කිරීමට පෙර ඇයව ඥාති නිවසක නතර කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. එම නිවසේ දී තරුණිය හදිසියේ රෝගී වී ඇතැයි සඳහන් වේ.

තරුණිය ප්‍රතිකාර පිණිස ගිය අවස්ථාවේ ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇය මේ වන විට මාස 1 1/2 ක ගැබිනියක් බවය.

පසුගිය ජුනි මස 06 වැනිදා නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේදී සුළු පියා විසින් තමන්ට අතවර කළ බව එම අවස්ථාවේ දී තරුණිය පවසා ඇත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com