www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තම අනියම් පුරුෂයා සමග විවාහ වන්නැයි දියණියට බල කළ අපූරු මවක්


2020-08-17 09:59:31 -  623 යි

බළන්ගොඩ, රාස්සගල ප‍්‍රදේශයේ අලංකාර පංගුව නමැති ගමේ අම්මා කෙනෙකු සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26 ක පමණ තරුණයකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම අම්මාගේ තරුණ දියණියට සිදුවිය.

සිද්ධිය මෙසේය. මෙම කාන්තාව වයස අවුරුදු 46 ක පමණ පසු වේ. මැයට දූ වරුන් තිදෙනෙක් සිටී. ඔවුන් වයස අවුරුදු 25 සහ 20 අතර පසු වේ. මෙම කාන්තාව තම දියණියක් සරණ පාවා දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතු ද කරවා ගනිමින් තරුණයකු නතර කර ගත්තාය. කාලය ගෙවී යද්දී මොහු සම`ග අනියම් ඇසුරක් පවත්වන්නට පටන් ගත්තාය. මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමටය. මෙම තරුණයා ඔහු සමගද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදිය රැගෙන යමිනි. තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූවාය. මොවුන්ගේ ඇසුර දැනගත් දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයින් දෙදෙනෙකු සම`ග නිවසින් පැන ගියහ.

දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට (දුව) අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළාය. එයට අකමැති වූ දියණිය බේරුමක් නොමැති නිසා පොලිසියට පැමිණිලි කළාය. මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළාය. පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප‍්‍ර. පො. ප. පාලිකා රාජපක්‍ෂ මහත්මිය තිදරු මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කළාය. මෙවැනි නොමනා ක‍්‍රියාවන් නිසා මිනිස් ඝාතන පවා සිදුවන බව පෙන්වා දෙමින් අම්මාවරුන්ට නින්දා නොකරන ලෙස අදාළ කාන්තාවට තදින් අවවාද කළාය. වසර 08 ක් වැඩ පළ කරමින් දියණිය විවාහ කර ගන්න බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසාය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com