www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමේ උත්සාහයක්


2020-08-01 11:46:45 -  215 යි

ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය නැමති සංවිධානය මේ වන විට පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාර්ය භාරය ඉටු කරන බව බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ ලොව පුරා යොවුන් දෙමළ ප්‍රජාව ඉලක්ක කරගෙන ඔවුන් මේ වන විට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ද අරඹා ඇති බවයි.

මානව හිමිකම් සුරැකීමේදී පුද්ගලිකත්වය හඹායාම අභියෝගකාරි කරුණක්. ගඩාෆි, සදාම් හුසේන් සම්බන්ධයෙන් අප මැදිහත්වීමේදී ඒ ජන ප්‍රජාවන්ට සිදුවූයේ ඉමහත් විනාශයක්. කණගාටුවෙන් මතක් කළ යුතු කරුණක් වන්නේ 2011 වසරේදී අප තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය අද දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජයෙන් ප්‍රතිස්ථාපනය වී තිබෙනවා. ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අනුරූපයක් වන අතර, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය ඔවුන්ට බ්‍රිතාන්‍යයේ පැනවූ තහනම ඉවත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඔවුන් කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හෙළා දැකීමක් සිදුනොකළ අතර, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ද ප්‍රතික්ෂේප කළේ නැහැ. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය මේ වනවිට ලොවපුරා දෙමළ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිය ප්‍රචාරණ කටයුතු වල නිරත වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com