www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාකොටික් නිලධාරීන් සමග සිටියේ කොටි නායකයෙක් තොරතුරු හෙළිවේ


2020-07-26 11:05:28 -  703 යි

කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ නාකොටික් නිලධාරීන් එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි නායකයකු සමග සමීප සබඳතා පවත්වමින් ජාවාරම් කරගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මන්නාරමේ සුඛෝපභෝගී හෝටලයක් හා මීගමුවේ නිවසක් හිමි ෆැහෙලියන් නමැති මෙම කොටි පිස්තෝලකරුගේ නිවසට නාකොටික් නිලධාරීන් කිහිප දෙනකු නිතර ආගිය බවද හෙළිවී ඇති බව වාර්තා වනවා.

මෙම කොටි පිස්තෝල නායකයාගේ නිවසේ හා හෝටලයේ මෙම නිලධාරීන් නිතර සාද පවා පවත්වා ඇති බවද වාර්තා වනවා.

ඔත්තුකරුවකු බව පෙන්වා දෙමින් මෙම​ කොටි පිස්තෝලකරු සමග ජාවාරම් කළ බවට තොරතුරු හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළා.රේගුවේදී ඇල්ලූ රත්රන් කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් ෆැහෙලියන් දුන් ඔත්තුවක් නිසා රජයෙන් ත්‍යාග මුදල් ලෙස ලද රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයෙන් රුපියල් ලක්ෂ 75ක් මෙම නිලධාරීන් ලබා ගෙන ඇතැයිද වාර්තා වනවා.

මුස්ලිම් ජාතිකයකු ලෙසද පෙනී සිටින ෆැහෙලියන් 1996 සිට 2001 දක්වා මන්නාරම භාර පිස්තෝල කල්ලි නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com