www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරකයන් ඉන්න තැන් බුද්ධි අංශ කලින්ම කිව්වත් සී.අයි.ඩීය නිහඬ වුණා


2020-07-23 07:44:53 -  255 යි

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ප්‍රමුඛ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනකු සැඟවී සිටි ස්ථාන ගැන නිශ්චිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණද ඔවුන් ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය බුද්ධි නිලධාරියෙක් පාස්කු කොමිසමේදී ඊයේ (22 වැනිදා) පැවැසීය.

බුද්ධි නිලධාරියා සාක්ෂි දෙයි

ආමි මොහිදින්, යූෂුෆ් සහ සහරාන්ගේ සහෝදරයන් වන ෂෙයිනි සහ රිල්වාන් යන සමිපතමයන් සම්බන්ධයෙන් වූ එම තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත්තේ පාස්කු ප්‍රහාරයට මාස එකහාමාරකට පෙරය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුවේ පාසිකුඩා ප්‍රදේශයට පැමිණ රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් හමුවී තොරතුරු ලබාගෙන ඇති බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් ආමි මොහිදින් සැඟවී සිටි ස්ථානය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වා දී තිබෙන බවත් කොමිසම හමුවේ බුද්ධි නිලධාරියා අනාවරණය කළේය.

ආමි මොහිදින්, යූෂුෆ්, සහ රිල්වාන් යන තිදෙනාට කාතන්කුඩි අධිකරණයෙන් වරෙන්තුවක්ද තිබී ඇත. මේ අයගෙන් ආමි මොහිදීන් සහ රිල්වාන් යන අය සැඟවී සිටියත් යූෂුෆ් නමැත්තා පොලීසියට නිරන්තරයෙන් නිරාවරණය වෙමින් සිටි බව බුද්ධි අංශ නිලධාරියා පැවැසීය. යූෂුෆ් නැමැත්තා ඇඳුම් මසන්නෙක් බවත් නගරයේ පිහිටි ඔහුට අයත් ස්මාට් ටේලර් ෂොප් එකේ ඔහු නිතර ඇඳුම් මසමින් රැඳී සිටිය බවත් සඳහන් කළේය.

අපි මොහිදින් නමැත්තා පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් බවත් ඔහු කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com