www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනය කරපු හැටි මෙන්න..


2020-07-23 07:32:49 -  1221 යි

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වී ඇතැයි ලද තොරතුරක් මත බුද්ධි අංශ ඊයේ (22 වැනිදා) සිට විමර්ශනයක් අරඹා ඇත. දැනට ලැබී ඇති තොරතුරු වාර්තාවලට අනුව සඳහන් වන්නේ විෂ ශරීරගත වීමකින් මරණය සිදුවී ඇති බවයි.

ඔහුට කිසියම් අයකු විසින් වස ලබාදී ඇති බවත් ඒ මියගිය පාතාල සාමාජිකයකුගේ බිරිඳක් බවටත් තොරතුරු ලැබී ඇත.

අංගොඩ ​ලොක්කාගේ සමීපතමයකු වූ තම සැමියාගේ මරණයෙන් පසු අංගොඩ ලොක්කාගේ කීමට අනුව ඉන්දියාවට ගොස් ඇති මෙම කාන්තාව ඔහුගේ පෙම්වතියක් ලෙස සිට ඇත.මීට අමතරව බන්ධනාගාරගත පාතාලයන්ගේ බිරින්දෑවරුන්ද අංගොඩ ලොක්කා විසින් බියවද්දවා තම අනියම් ඇසුර සඳහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බවද දැනට හෙළි වී ඇත.

කාන්තා ඇසුරු සම්බන්ධව ඇති වූ මත ගැටුම් මත හා කල්ලි අතර ගැටුම් මත මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි බුද්ධි අංශ තොරතුරු දන්වා සිටී.

ඝාතනය සිදුකළ බව කියන කාන්තාවම අංගොඩ ලොක්කාගේ සොයුරියන්ට කතා කර ලොක්කා මියගිය බවට දැනුම්දී ඇතැයි තොරතුරුකරුවන් මාර්ගයෙන් දැනගෙන ඇත. අංගොඩ ලොක්කාගේ සොහොයුරියගෙන් මේ සම්බන්ධව විමසද්දී හැම සතියේම ලොක්කා කතා කරන මුත් මේ දිනවල කතා නොකළ බව පවසා තිබේ.

පාතාල කණ්ඩායම් මගින් ලැබෙන තොරතුරු මත අංගොඩ ලොක්කා මීට මාස ගණනකට පෙර ඉන්දියාවේ රථ ගාලක සිටියදී ලොරියක හැපී තුවාල ලබා බැංගලෝර්හි රෝහලක ප්‍රතිකාර ලබා තිබේ.

අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්ක​රුවකු වන හරක් කටා හෙවත් වැලිගම චින්තක මල්ලි නමැති අපරාධකරුට මෙම කාන්තාව පසුගිය දින කිහිපයේ එස්.එම්.එස්. පණිවුඩ එවා ඇත. ඒ හෙරොයින් ගනුදෙනුවල මුදල් සම්බන්ධවය. සාමාන්‍යයෙන් අංගොඩ ​ලොක්කා එස්.එම්.එස්. පණිවුඩ නොඑවන බැවින් බන්ධනාගාරගත ලොක්කාගේ සාමාජිකයකුට මේ ගැන සැක පහළ වී ඇතැයිද පැවසේ. මේ අතර ලොක්කා මරණයට පත් වූ බව සැලවීමත් සමග අං​ගොඩ ලොක්කාගේ දේපළ බෙදාගැනීමේ ගැටුමක්ද හටගෙන ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

අංගොඩ ලොක්කා මීට ඉහතදී ඉන්දියාවේදී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඉතාලියේ සිටින ඥාතියකු මාර්ගයෙන් යුරෝපයට පැනයාමට සූදානම් වන බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණි. අංගොඩ ලොක්කා, ඝාතනය වූ බවට මෙලෙස ප්‍රචාරය කර යුරෝපයට පැන යාමට සැලසුම් කළාද යන්න බුද්ධි අංශවලට සැක පහළ වී ඇත.

අංගොඩ ලොක්කා මරණයට පත් වූ පසුව ඔහු සතු රත්රන් හා මුදල් ලබාගත් කාන්තාව සාමාන්‍ය ඉන්දියානුවෙක්ගේ මරණයක් සේ මිනිය පුලුස්සා දමා ඇතැයිද ඉන්දියාවෙන් ලැබුණු තවත් ආරංචි මාර්ගයකින් අසන්නට ලැබේ. මෙම සියලු තොරතුරු ඔස්සේ බුද්ධි අංශ පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com