www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බත්, පාන් අස්සේ සැඟැවී බූස්ස බන්ධනාගාරයට අඟල් හයක් දිග පිහියක් යයි


2020-07-22 07:17:28 -  358 යි

බූස්ස බන්ධනාගාරයේ රැඳවූවකුට ලබාදීම සඳහා අඟල් හයක් පමණ දිග පිහියක් බත් සහ පාන් දමන භාජනයක සඟවා රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී ඇත.

බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ලබා දීමට පෙර විශේෂකාර්ය බළකාය විසින් පරික්ෂා කිරීම සිදු කරයි. එසේ එස්.ටී.එෆ්. පරීක්ෂාවෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් ආහාර සහිත භාජන පරීක්ෂා කිරීමේ දී මෙම පිහිය සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර මෙහෙයුම් කොමසාරිස් චන්දන ඒකනායක පවසන්නේ මෙවැන්නකි.

පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාරයට එන පාන් පරික්ෂා කිරීම සඳහා ඒවා කපා බලනවා. එලෙස පාන් කැපීමට යොදාගන්නා පිහිය අත් වැරදීමකින් ආහාර ගෙනියන භාජනයට තුළට වැටිලා. මේක දැකපු බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් තමන් අතින් වූ අත් වැරදීම පිළිගෙන පිහිය බාරගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com