www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සැකකරුගෙන් සිදුවන අතවරය බුදු පහන ළඟ දිවුරා කිව්වත් මව නොසලකා හැරලා - පාසල් සිසුවිය අපයෝජනය කළ මවගේ අනියම් සැමියා රිමාන්ඞ්


2020-07-21 10:48:23 -  668 යි

13 වසරේ ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළ එම දැරියගේ මවගේ අනියම් සැමියා  (20 දා) දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගියදා නියෝග කළේය. ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ ව්‍යාපාරිකයකු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණි. වින්දිත දැරිය සහ ඇගේ මව කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටින බවත්, මවගේ අනියම් සැමියා වන සැකකරු රාති‍්‍රය ගත කරනු ලබන්නේ දැරිය සහ මව සිටිනා කමරයේ බවත්, ගම්පහ මූල්‍ය ආයතනයක සේවය කරන දැරියගේ මවට වින්දිත දැරිය විසින්  සැකකරුගෙන් සිදුවන අතවරය බුදු පහන ළඟ දිවුරා ප‍්‍රකාශ කර ඇතත් මව ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවට අධිකරණයේ දී සඳහන් විය. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබිණ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com