www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දහතුනේ පෙම්වතියට අතවර කළ විසි එකේ පෙම්වතා අත්අඩංගුවට


2020-07-16 10:02:43 -  1111 යි

මොනරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ වත්තේගම පදිංචි වයස අවුරුදු දහතුනක දැරියකට අතවර කළ වයස අවුරුදු 21 පුද්ගලයකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දැරියට අවස්ථා ගණනාවකදී අතවර කර ඇති බවට අනාවරණය වී ඇති බව ඇතිමලේ පොලිසිය පවසයි.

සැකකාර පුද්ගලයා දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව සැකකරු දැරියට මෙලෙස අතවර කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් ස්ත්‍රී දූෂණය කිරීම යන චෝදනාව යටතේ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය විමර්ශන සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com