www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නියෝමාල් රංගජීව මහතා අද (ජූලි 10) මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළේය.


2020-07-10 13:53:42 -  409 යි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (ජූලි 10) මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළේය.

ඒ, අකිල ජයවර්ධන නමැති එම මාධ්‍යවේදියා, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට යාමේදීය.

නියෝමාල් රංගජීව මහතා එම මාධ්‍යවේදියාගේ ඇඳුමෙන් අල්ලාගෙන රැගෙන යන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන් වී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේ, නියෝමාල් රංගජීව මහතාය.

කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී රංගජීව මහතාගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු මාධ්‍යවේදියා අල්ලාගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන ගිය බව අදාළ මාධ්‍යවේදියා පැවසීය.

රංගජීව මහතා අද පස්වරුවේ පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාර නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට ද නියමිතය.

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com