www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියට දසවධ දුන් පියා සහ කුඩම්මා නිදැල්ලේ


2020-07-10 08:02:34 -  435 යි

වයස අවුරුදු 10 ක දැරියකට අමානුෂිකව පහරදීම සම්බන්ධයෙන් ඇගේ පියා හා පුංචි අම්මා අත්අඩංගුවට ගැනීමට 119 හදිසි අංශයට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය පරීක්ෂණ පවත්වයි. දැරිය ඉකුත් 07 දා සිට දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් ආරක්ෂාව මැද ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
 
 සිද්ධිය සැකෙවින් මෙසේය. දැරියගේ මව හා පියා වෙන්වී ජීවත් වෙති. ඔහු පසුව දික්කසාද වී වෙනත් තැනැත්තියක් විවාහ කර ගත්තේය. දැරිය මව බාරයේ පසුවිය. පසුව ඇයද වෙනත් විවාහයක් කරගෙන දැරිය දිවා සුරැුකුම් ස්ථානයකට භාර දී ඇත. එහිදී දැරිය අපයෝජනයට ලක්වී ඇත. ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් පවතින අතර අනතුරුව දැරිය ළමා නිවාසයකට භාර දී ඇත. ළමා නිවාසයෙන් දැරිය පියා බාරගෙන ඇත. මේ දැරිය පියාගේ භාරයේ ගතකරන කාලයේ දී පුංචි අම්මාගේ පියා අතින්ද ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව ඇය අපයෝජනයට ලක්කළ බවට අධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.
 
 ඒ අතරතුරදී පියාගේ හා පුංචි අම්මාගේ නොයෙක් අඬන්තේට්ටම්වලටද ඇය ලක්වී ඇති බව වාර්තා වේ. ඇතැම් අවස්ථාවල දැරියගේ පියා බීමත්ව ඇයට අතින් පයින් හා බෝතලයකින් පහරදී ඇත. එක් අවස්ථාවක තමන් උස්සා පොළොවේ ගසා ඇති බවද ඇය පොලිසියට පවසා ඇත. ඇයගෙන් යම් ප‍්‍රශ්නයක් අසා ඔව් යන පිළිතුර ලැබෙන තුරු පහර දෙන බව මෙහිදී අනාවරණය වී ඇත. පහරදීමෙන් සිදුවූ තුවාලවලට ප‍්‍රතිකාර පවා පියා ලබා දී නැත.
 
 පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනීන් ඇය පරීක්ෂා කරද්දී දැරියගේ ඇඟ පුරා තුවාල හා පරණ තුවාල කැළැල් දැකීමට හැකිවී ඇත. පහරදීම් නිසා ඇගේ එක් කකුළක් බරපතළ ලෙස තුවාල වී ඇත.
 
 27 හැවිරිදි සැකකාර පියා හා ඔහුගේ බිරිඳ නිවසින් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පො.ප. රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පිට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ උ.පො.ප. ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වයි.
 
 දැරියගේ කකුලකට බරපතළ ලෙස තුවාළ සිදුකර ඇති අන්දම ඡායාරූපයේ දැක්වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com