www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පානදුරේ බියවැද්දූ පොඩි සුද්දා දණගස්වයි


2020-07-09 07:32:38 -  455 යි

පානදුර ප්‍රදේශයේ ජනතාව බියවද්දා කප්පම් ගැනීම සහ සංවිධානාත්මක අපරාධ සිදුකළ පානදුර පොඩි සුදා නමැති සැකකරුවකු පොලිස් වි​ශේෂ කාර්ය බළකාය පෙරේදා (7 වැනිදා) පානදුරදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 38 හැවිරිදි පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකරු සතුව තිබී ඇත් දළ කැබලි කිහිපයක්, හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 954ක් ,පිහි දෙකක් සහ මන්නයක්ද සොයාගෙන තිබේ. විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධතා පවත්වා ඇති මෙම සැකකරු ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරු මත විමර්ශනය කොට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සඳහා පානදුර දකුණ පොලිසිය වෙත භාරදී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com